පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි පිහිටි අනෙකුත් පෞරාණික ස්ථාන
වත්මන් පසුබිම
මෙම නගරයට හා මහා මාර්‍ගයට කිලෝමීටර 6ක පමණ දූරකින් පිහිටා ඇති
රාජ්‍ය ආයතන පවතින ප්‍රදේශය නවනගරය ලෙස හැදින්වෙන අතර එහි දිස්ත්‍රිකයේ විශාලතම පාසැල වන
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය
පිහිටා ඇත. උතුර මැද පලාතේ දෙවන විශාලතම නගරය වන පොළොන්නරුව දිවයිනේ
පිරිසිදු හා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. හරිත වර්ණයෙන් යුත්
වටපිටාව, දුටුවන් මවිත කරවන සුලු ථෙතිහාසික ඉදිකිරීම්, සුවිසල් පැරකුම්
සමුදුර, ආකර්ශනීය සංචාරක හෝටල හා මෙහි වෙසෙන ජනයාගේ ආගන්තුක සත්කාරයන්
නිතැතින්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වෙයි. මෑතක සිට
මෙම ප්‍රදේශයේ යම් දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කල හැකි වෙයි. ථෙතිහාසික
දත්ත වලට අනුව පොළොන්නරුව නිවර්තන කලාපීය දේශගුණයකින් යුක්ත වූ අතර
දෙසැම්බර් හා ජනවාරි මාස වලදී යම් වර්ෂාපතනයක් ලබයි. එහෙත් පසුගිය අවුරුදු
කිහිපය තුල ලැබෙන වර්ෂාපතනයෙහි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කලහැකි
වෙයි. මෙම තත්වය මෙහි වෙසෙන ජනයාගේ විස්මයට හේතු වුවද විදෙස් සංචාරකයන්ගේ
නම් එය මහත් සතුටට හේතුවකි. නමුත් ඇතැම් අවස්ථාවලදී වී ගොවීන් මෙම දැඩි
වර්ෂාපතනයෙන් පීඩා විඳනු දක්නට ලැබේ.
No comments:
Post a Comment