හැටදාගේ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
හැටදාගේ සිද්ධස්ථානයට ඇතුළුවීම.
පිහිටුම
ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, පොළොන්නරුව පුරාතන නගරයේ, හැටදාගේ පිහිටා ඇත. නගරයෙහි පැරණිතම සහ මහත් ශුද්ධවූ ස්මාරක පිහිටා ඇති චතුරස්‍රාකාර ප්‍රදේශයක් වන දළදා මළුවෙහි උතුරු දිග කොණට සමීපයෙහි මෙය පිහිටා ඇත. දකුණු දිගට මුහුණ ලා ඇති එහි ඇතුළුවීමේ ද්වාරය, එක එල්ලේ පොළොන්නරුව වටදාගේ ඇතුළුවීමේ දොරටුවට මුහුණ ලා සිටියි. ගල්පොත ශිලා ලේඛනය එය සමීපයෙන් නැගෙනහිර දිශාවට වන්නට පිහිටි අතර, අටදාගේ පිහිටන්නේ එයින් බටහිර දිශාවට වන්නටය. [1]ඉතිහාසය සහ නාමකරණය
නිශ්ශංක මල්ල රජ (1187–1196) විසින් හැටදාගේ ගොඩනංවන ලද්දේ, දළදා වහන්සේ වැඩම්මවා තැබීම සඳහා සිද්ධස්ථානයක් වශයෙනි. [2] රාජාවලිය, පූජාවලිය සහ ගල්පොත ශිලා ලේඛනය ඇතුළු ඓතිහාසික මූලාශ්‍ර කිහිපයක් සඳහන් කරන්නේ එය තැනුනේ පැය සැටක් හෙවත් දවසක් තුලදී බවයි. දාගේ යන්නෙන් අදහස් වන්නේ ධාතු ගර්භය බැවින්, දින හැටකින් නිම කිරීම සිහි කිරීමට මෙම නම යෙදුවා විය හැක. තවද සිද්ධාන්තයක් වන්නේ, මෙම නම යෙදීමට හේතුව, ධාතුන් වහන්සේලා හැට නමක් වඩම්මවා තිබීම නිසා බවයි. [3] දළදා වහන්සේ බොහෝ විට වඩම්මවා තබන්නට ඇත්තේ උඩු මහලේය.[4]ව්‍යුහය
සිද්ධස්ථානය තුල පිහිටි බුද්ධ ප්‍රතිමා තුන.
No comments:
Post a Comment