පුරාවිද්‍යාත්මක නටඹුන්
ශ්‍රි ලංකාවෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින්
කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි
පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. පොළොන්නරු නගරයේ
විශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය. අනුරාධපුර රාඡධානිය බිද වැටිමෙන්
අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි.
අනුරාධපුරය වනසා දමා
සිංහල
රඡ පරපුරට තිබු රාඡ්‍යත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ
ආක්‍රමණිකමයෝ සමත් වුහ. සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර
වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ
ඉතාකෙටි කාල පරිචිඡේදයකි. එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි. එනමුත් අසිරිමත් වන්නේ
එය නොව, අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය
දෙගුන තෙගුන වෙයි. පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති
නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති. පොළොන්නරුව යන්නට කදවුරු
නුවර, ජනනාථ මංගලම් පුර, රාජරාජ පුරය, පුලනරි, විජයරාජපුරම්, කාලිංගරාජපුරය
යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.
No comments:
Post a Comment